ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 485 කට සීමා වේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 485 කට සීමා වේ

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 485 කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා.
ඒ බංග්ලාදේශය සිය පළමු ඉනිමට රැස්කළ ලකුණු 495 ට පිළිතුරු ලෙසයි.

පැතුම් නිශ්ශංක ඊයේ දිනයේ ලකුණු 187 කට දැවී ගියා.

කමිදු මෙන්ඩිස් අද දැවී ගියේ ලකුණු 87 ක් ලබා සිටියදීයි.

මිලාන් රත්නායක ලකුණු 39 ක් ලැබුවා.

පන්දු යැවීමේදී නයීම් හසන් කඩුළු 05 ක් දවාගත්තේ ලකුකු 121 කටයි.

හසන් මහමුද ලකුණු 74 ට කඩුළු 03 යි.

අද තරගයේ සිව්වැනි දිනයයි.

 

Share This