ගත වූ මාස 6 ට රිය අනතුරු මරණ 1999 ක්. මෝටර් රථ ප්‍රවාහනයෙන් පරීක්ෂා කිරීම්

ගත වූ මාස 6 ට රිය අනතුරු මරණ 1999 ක්. මෝටර් රථ ප්‍රවාහනයෙන් පරීක්ෂා කිරීම්

දිනෙන් දින ධාවනයට එක්වන රථ වාහන සංඛ්‍යාවත් සමඟ රථ වාහන අනතුරුවලින් සිදු වන මිනිස් අහිමි වී යාම මෑතක සිට ඉහළ යමින් පවතිනවා.

එහි ආසන්නතම සිදුවීම ලෙස ගැරඩිඇල්ලේ මාරක බස් අනතුර දැක්විය හැකියි.

2022 වසරේ රිය අනතුරු 2420 කින් පුද්ගලයින් 2540 දෙනෙකුට ජීවිත අහිමිව තිබෙනවා.

2023 වසරේ පුද්ගලයින් 2521 දෙනෙකුට ජීවිත අහිමිවී ඇත්තේ රිය අනතුරු 2401 කින්.

මේ වසරේ ගත වූ මාස 6 ට පමණක් සිදු වූ රිය අනතුරු සංඛ්‍යාව 1133 ක්.

ඉන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 1999 ක්.

2024 වසරේ නිවසින් පිටවූ මගීන් 815 දෙනෙකු නැවත නිවසට පැමිණ නැත්තේ මාර්ග අනතුරු නිසා ජීවිත අහිමි වීමෙන්.

වසරක් තුළ 800ක යතුරුපැදිකරුවන් සහ පසුපැදිකරුවන් පිරිසක්ද ජීවිතක්ෂයට පත්වන බව ශ්‍රී ලංකා පොලිසීයේ දත්ත වාර්තාවල දැක්වෙනවා.

එලෙස මියගිය යතුරුපැදිකරුවන් සහ පසුපැදිකරුවන් ගෙන් වැඩි පිරිස වයස අවුරුදු 18-28ත් අතර පුද්ගලයින්.

මේ අතර ගිනිගත්හේන මහනුවර මාර්ගයේ ධාවනය කළ මෝටර් රථ පරීක්ෂාවක් ඊයේ සිදු වූ අතර එහිදී පෞද්ගලික වාහන 44 ක් තාවකාලිත ධාවනයෙන් ඉවත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කළා.

Share This