
අපවත්වී වදාළ විශ්‍රාමලත් ධර්මාචාර්ය අතිපුජනිය කරඳන ධම්මිස්සර නාහිමි
අපවත්වී වදාළ කරඳන සාංඝිකාරාම පුරාණ විහාරාධිපති අතිපුජ්‍ය කරඳන ධම්මිස්සර මාහිමියෝ විදියගොඩ සඟ පරපුරට ගෞවරයක් ලබා දෙමින් සම්බුද්ධශාසනය හෙබවූ අපේ යුගයේ සුපේශල ශික්ෂාකාමී සංඝ ශෝබන ගුණයන්ගෙන් පරිපුර්ණ මහතෙර නමකි.
කොළඹ තිඹිරිගස්යායේ අශෝකාරාමාධිපතිව වැඩ විසු අතිපුජනිය කරඳන ජිනරතන නාහිමි හා අතිපුජනිය කරඳන පඤඤාලංකාර නාහිමි වැනි එම විදියගොඩ සඟ පරපුරට යත් සම්භාවනීය මහ යතිවරයාණන් වහන්සේලාගේ ජන්ම භුමිය වූ කරඳන නම් පැරණි ග්‍රාමවරයේ උභයකුල පාරිශුද්ධ සම්භාවනීය දෙමාපියනටදාව ජන්ම ලාභය ලබමින්, අධ්‍යාපනය ගමේ පාසලෙන් ලබා ගමේ පන්සලේදීම කරඳන ධම්මිස්සර නමින් තම ගුරුදේවයන් අතින් සාමනේර පැවිද්ද ලබා, නිසි කළ මහනුවර මල්වතු මහා විහාරයේදී උපසම්පදාව ලද උන්වහන්සේ අශෝකාරාමයෙහි මුල්කල වැඩ සිටිමින්, සිය පරපුරෙහි සම්භාවනීය යතිවරයාණන් වහන්සේලා ඇසුරින්ද, කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය මහා පිරිවෙණින් හා කොළඹ හුණුපිටියේ ගංගාරාමස්ථ ශ්‍රී ඤානිස්සර මහපිරිවෙණින්ද සිය අනාගත ආගමික අධ්‍යාපන සාමාජික හා ලෝක ධර්මදුත සේවාවන් සඳහා පන්නරය ලබමින් අර්ථසම්පන්න සුපසන් භික්ෂූවරයෙකුගේ ජිවිතයට මග නිර්මාණය කරගත්හ.
උන්වහන්සේ අනතුරුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල දක්ෂ ඉංග්‍රීෂි ගුරුවරයෙකු ලෙස සේවය කල අතර විශ්‍රාම ලැබීම දක්වා තම ගමෙහි කරඳන මහ විදුහලේ සියලු සිසු දරු දෑරිවියන්ට ගුරුපියාණන් කෙනෙකුව අපමණ සේවාවක නිරතවුණා.
තම මවුබ්මේ මෙන්ම සම්බුද්ධ ශාසනයේත් චිර පැවත්ම බෙහෙවින් අගය කල උන්වහන්සේ රට ජාතිය පිළිබඳ ඕනෑම ප්‍රශ්නයකදී නොබියව සෘජුව අදහස් පල කළා පමණක් නොව ඒ සඳහා ජනතාව පෙළඹවනු ලැබුවේ තමනට වන කිසිදු ලාභ අලාභ ගැන මුළුමනින්ම නොසලකා හරිමිණි.
‘අචින්තිතම්පි භවති’ යන බුදුවදන අපට සිහිපත් කරවමින් හදිසියේ අනපෙක්ෂිතලෙස තම ජිවන ගමන නිමාකළ උන්වහන්සේට අප නිවන්සුව ප්‍රාර්ථනා කරමු.
සැබෑ බුද්ධ පුත්‍රයකු ලෙස ලොවපුරා බුදු දහම රැගෙනයාම සදහා උන්වහන්සේ සිදුකල මෙහෙය අප්‍රමාණයි.
ස්ව්ට්සර්ලන්තය, ප්‍රංශය එංගලන්තය ජර්මනිය, ඉතාලිය හා නෙදර්ලන්තය වැනි රටවලට සිදුකල ධර්මදුත සේවාව ඒ අතරින් සුවුශේෂයි.
තායිලන්තය ඉන්දියාව මැලේසියාව වැනි රටවලට විවිධ ආරාධනා ලබමින් නිතර වැඩම කළ අතර අපවත්වන්නට සති කීපයකට පෙර ද උන්වහන්සේ වැඩසිටියේ ධර්මදූත සේවාවන් වෙනුවෙන් මැලේසියාවේ.
එහිදී පුජනිය බුටාවත්තේ සරණංකර නාහිමි ආරාධයෙන් මැලේසියාවේ බොහෝ ප්‍රධාන නගරවලට වැඩම කරමින් දේශනා, භාවනා වැඩසටහන්ද සිදු කළහ
– ස්විට්සර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ හා හෝකන්දර ශ්‍රී විජයානන්ද ධර්මායතනයේ ප්‍රධාන, ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝ නායක අචාර්ය තවලම ධම්මික නාහිමි.