
වසරේ නැගී එන රූපවාහිනී ප්රවෘත්ති නාලිකාව සම්මානය “ලයිව් ඇට් ශ්‍රී ලංකා”
ඒෂියා මිරැකල් 2025 සම්මාන උළෙලේ වසරේ නැගී එන රූපවාහිනී ප්රවෘත්ති නාලිකාව ලෙස ස්වර්ණවාහිනියේ “ලයිව් ඇට් ශ්‍රී ලංකා” අද සම්මානයට පාත්‍ර වුණා.
මෙම සම්මාන උළෙල අද පස්වරුවේ පැවැත් වුණේ කොළඹ දීයි.
විවිධ ක්ෂේත්රවල කටයුතු කරන ව්‍යවසායකයින් , වෘත්තිකයින්,මාධ්‍ය ක්ෂේත්රයේ විශිෂ්ටයින් වාර්ෂිකව ඇගයීම මෙම සම්මාන උළෙලේ අරමුණයි.
එහිදී වසරේ නැගී එන රූපවාහිනී ප්රවෘත්ති නාලිකාව ලෙස සම්මානයට පාත්‍ර වූයේ ස්වර්ණවාහිනියේ “ලයිව් ඇට් ශ්‍රී ලංකා” යි.
මීට අමතරව ස්වර්ණවාහිනියේ තවත් සහෝදර මාධ්‍ය වන රන් එෆ්.එම්. ගුවන් විදුලිය සහ මොනරා පුවත්පත් ද සම්මානයට පාත්‍ර වුණා.