කටුනායක ගුවන් ගමන් ගැන නවතම තත්ත්වය මෙන්න

කටුනායක ගුවන් ගමන් ගැන නවතම තත්ත්වය මෙන්න

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ පිටත්ව යන ගුවන් ගමන් අද සවස 05.00 වනවිට සාමාන්‍ය තත්වයට පත් වී ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවැසුවා.

කටුනායක ගුවන් යානා මෙහෙයුම් කමිටුවේ සභාපති පවසා ඇත්තේ මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ ආශ්‍රිත ගුවන් ගමන් මෙහෙයුම් 80% ක් සාමාන්‍ය තත්වයට පත් වී ඇති බවයි.

එහෙත් කටාර් ගුවන් සේවයේ ගුවන් ගමන් මෙහෙයුම් මේ වනවිටත් යථා තත්වයට පත් වී නොමැති බවත්, එයට කටාර් ගුවන් යානා කාර්යය මණ්ඩල සහ දෝහා ගුවන් තොටුපොළ භූමි මෙහෙයුම් අංශ වල නිලධාරීන් තවමත් අවශ්‍යතා පරිදි සේවය සදහා වාර්තා නොකිරීම හේතු වී ඇති බවත් එම කමිටුවේ සභාපති පැවසුවා.

එසේම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න මහතා පැවසූවේ විකල්ප ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානා සියල්ලම මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, යළි ගුවන් ගමන් මෙහෙයුම් සදහා ඒවා අනුයුක්ත කර ඇති බවයි.

විකල්ප ගුවන් ගමන් මාර්ග භාවිතා කිරීම, ඉන්ධන ලබා ගැනීම සදහා වෙනත් ගුවන් තොටුපොළ වෙත යොමු වීම නිසා ඇතැම් විට සුළු වශයෙන් ගුවන් ගමන් ප්‍රමාද වීමක් ඇති වුවද, හෙට (25) වනවිට සියලුම ගුවන් ගමන් නියමිත කාළසටහනට අනුව ධාවනය කිරීමට හැකි වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද සුනිල් ජයරත්න මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.

Share This