හිටපු ඇමති දුමින්ද ජූලි 07 දක්වා රිමාන්ඩ්

හිටපු ඇමති දුමින්ද ජූලි 07 දක්වා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එළැඹෙන ජූලි මස 7 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ රන් ආලේපිත ගිනි අවියක් සම්බන්ධයෙන් වන නඩුව කැදවූ අවස්ථාවේදීයි.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනි අවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තුන්වන සැකකරු ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළා.

Share This