‘දේවි කුසුමාසන’ කළුතර දරුවන්ට විශේෂ වෙයි

‘දේවි කුසුමාසන’ කළුතර දරුවන්ට විශේෂ වෙයි

ඉතිහාසගත ප්‍රේමයක සිනමා ආකර්ෂණයෙන්, ලයිකා ප්‍රඩක්ෂන් නිමැයුමක් ලෙසින් තිරගත වන ‘දේවි කුසුමාසන’ චිත්‍රපටය අති සාර්ථක අයුරින් මේ වන විට තිරගත වනවා.

‘දේවි කුසුමාසන’ චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරයක් ඊයේ (27) පස්වරුවේ කළුතර දොන් ප්ලාසා සිනමා ශාලා පරිශ්‍රයේදි ප්‍රදර්ශනය කෙරුණා.

සෙංකඩගලපුර රාජධානිය අභිමානවත් සහ ආදරණීය කළ පළමු විමලධර්මසූරිය රජතුමන්ගේ සහ කුසුමාසන දේවියගේ කතා පුවත සමගින් දේවි කුසුමාසන චිත්‍රපටිය සිංහල සිනමාවට සම්ප්‍රාප්ත වුණේ ලයිකා ප්‍රඩක්ෂන් නිමැයුමක් ලෙසින්.

ලයිකා ප්‍රඩක්ෂන් වෙනුවෙන් ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණයෙන් මෙහි නිෂ්පාදන මෙහෙයුම සිදු කළේ ජානකී විජේරත්නයි.

මෙය සිංහල සිනමා ඉතිහාසයේ මෙතෙක් බිහි වු දැවැන්තම සිනමා නිර්මාණයද වනවා.

සිනමාලෝලී ප්‍රේක්ෂකයින්ට ජාත්‍යන්තර සිනමා නිර්මාණයක ප්‍රමිතිය තහවුරු කරමින් සාර්ථකව ප්‍රදර්ශනය කෙරෙන ‘දේවී කුසුමාසන’ චිත්‍රපටයේ තවත් විශේෂ දර්ශන වාරයක් ඊයේ පස්වරුවේ කළුතර දොන් ප්ලාසා සිනමා ශාලා පරිශ්‍රයේදි ප්‍රදර්ශනය කෙරුණා.

ඉතිහාසගත ප්‍රේමයක සිනමාගත සාක්ෂිකරුවන් වන්නට, සිනමාලෝලී ඔබට දැන් දිවයින පුරා සැවෝයි ඇතුලු EAP මණ්ඩලය ප්‍රමුඛ සිනමාශාලා රැසකදී ‘දේවී කුසුමාසන’ චිත්‍රපටය නැරඹීමට අවස්ථාව හිමිවෙනවා.

Share This