ජූනි මාසයේ විදුලි ජනනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන්

ජූනි මාසයේ විදුලි ජනනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන්

සුපිරිසිදු බලශක්තිය කරා යන ගමනේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජූනි මාසයේ ශ්‍රී ලංකාව විදුලි ජනනයෙන් 70% පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගෙන තිබෙනවා.

1990 දශකයේ මුල් භාගයෙන් පසු පළමු වරට ලංකා විදුලිබල මණ්ඩලය ජූනි මාසයේ දී එහි සම්පූර්ණ විදුලිබල ජනනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වලින් සපුරා ගෙන තිබීම විශේෂත්වයක්.

ජූනි මාසය අනෙකුත් මාස වලට වඩා ඉහළ විදුලි බල ඉල්ලුමක් පෙන්වා ඇති තත්ත්වයක් යටතේ වීම සුවිශේෂ කරුණක් බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග පැවසුවා.

මෙය රටේ විදුලිබල සැපයුම 100% ක් පාහේ ජල විදුලිය මත පදනම් වූ මුල් කාලීන ප්‍රතිපත්තියෙන් සහ ඉන්පසු කාලයේ අනුගමනය ජල විදුලි-තාප විදුලි මිශ්‍ර ප්‍රතිපත්තියෙන් අපගමනය වීමක් පෙන්වන අතර, එය ශ්‍රී ලාංකීය විදුලිබල පද්ධතියේ පුනර්ජනනීය පංගුව වැඩි කිරීමට ලංවිම ගෙනයන ස්ථිරසාර වැඩපිළිවෙලේ සාර්ථකත්වය පිළිබිඹු කරන්නක් බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග පෙන්වා දුන්නා.

 

Share This