හිරිවඩුන්න හෝටල් හිමිකරුට පහරදුන්නැයි සැක තරුණිය කොටු

හිරිවඩුන්න හෝටල් හිමිකරුට පහරදුන්නැයි සැක තරුණිය කොටු

හිරිවඩුන්න හෝටල් හිමිකරුට පහර දීමේ සිදුවීමට සැක තරුණිය වසරකට පසු කොටුවී තිබෙනවා.

කෑගල්ල හිරිවඩුන්න රන්දෙණිය ප්‍රදේශයේ හෝටලයකට අයුතු ආකාරයෙන් කඩාවැදී එම හෝටලයේ හිමිකරුට අතින් පයින් පහරදී කඩුවකින් කොටා රුපියල් එක් ලක්ෂ පනස්නව දහස් පන්සියයක් ( 1,59,500 ) වටිනාකමකින් යුතු භාණ්ඩ හා මුදල් පැහැරගෙන යාමට අනුබලදුන් තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ ආකාරයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ පුරනේ ගෙදර වෑගන්තලේ මාවනැල්ල ලිපිනයේ පදිංචිව සිටින පල්ලෙහා බාලසූරිය ගෙදර ශෂිනි ගයන්තිකා නම් වූ 21 හැවිරිදි තරුණියකි.

Share This