
ලියාපදිංචියක් නොමැති මෝටර් රථයකට ව්‍යාජ ලේඛන සැකසීමට ආධාර අනුබල දුන් අයෙක් රිමාන්ඩ්
ශ්‍රී ලංකාවේ රේගුවේ නිෂ්කාශනය නොවූ මුල් ලියාපදිංචියක් නොමැති ටොයෝටා වර්ගයේ මෝටර් රථයකට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ආදායම් බලපත්‍රයක් ලබාගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ලබන 8 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද(3) නියෝග කළා.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ, මද්දුමගේ ධනුෂ්ක නුවන් ගුණරත්න යන අයවලුන්ය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ සැකකරු අල්ලස් දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණය පෙනී සිටි නිලධාරීන් සඳහන් කරනු ලැබුවේ,
” ස්වාමීනි මෙම සිද්ධියට අදාළ සැකකරු විසින් ව්‍යාජ ලේඛන සකසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලට ඉදිරිපත් කර කූඨ ලේඛන සකසා මුල් ලියාපදිංචියක් නොමැති මෙම මෝටර් රථය දෙවන පැවරුමක් සිදු කිරීම සඳහා ආදායම් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ආධාර අනුබල ලබා දී තිබෙනවා , සිද්ධියට අදාළ වාහනය 2002 වර්ෂයේ ගෙන්වා තිබුණද 2018 වර්ෂයේ තමයි මෙහි මුල් ලියාපදිංචියක් සිදුවන්නේ, වර්ෂ 18 කට අධික කාලයක් අනීතික ලෙස තබාගෙන තිබෙනවා. ස්වාමීනි මෙම සිද්ධියට අදාළ අනෙක් සැකකරුවන් තිදෙනා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා”
මෙම සිද්ධියට අදාළ තවත් සැකකරුවන් සිටින බවත් ජාලයක් වශයෙන් එක්වී මෙම නීති විරෝධීව මෙම ක්‍රියාව සිදු කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය.
සැකකාර පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කරනු ලැබුවේ, සිද්ධියට අදාළව තම සේවාදායකයා කිසිදු සම්බන්ධයක් නොමැති බැවින් සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා සඳහන් කර සිටියේ,
” ස්වාමීනි මෙම සිද්ධියට අදාළ මගේ සේවා දායකයා මෙම ආදායම් බලපත්‍රය ලබා ගැනීමට සම්බන්ධ වාහනය රේගුවෙන් නිෂ්කාශනය නොවූ වාහනයක් බව, මුල් ලියාපදිංචියක් නොමැති වාහනයක් බව දන්නේ නැහැ. මෙම වාහනය ප්‍රශ්නගත සිද්ධියට අදාල මෝටර් රථය මාගේ සේවා දායකයාගේ මාමාට අදාළ වාහනයක්, මගේ සේවා දායකයා කරල තියෙන්නේ එම වාහනයට නැවත ලියාපදිංචි කරලා අලුත් නමක් සහ අලුත් දුරකථන අංකයක් ලබා ගැනීම පමණයි, ස්වාමීනි මගේ සේවාදායකයා රාජ්‍ය සේවකයෙක් නොවේ එම නිසා ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් මම ඉල්ලනවා” යනුවෙන් පැවසීය.
දෙපාර්ශවයම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළ සැකකරු ලබන 8 දක්වා රක්ෂිත බන්ධනාගාරග කිරිමට නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළව ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙන් ලියාපදිංචි කර අංක තහඩු වංචනික ලෙස ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු ඇතුළු තිදෙනෙකු ද මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.