
අල්ලස් ගත් පේරාදෙනිය පලිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ දෙදෙනෙක් අත්අඩංගුවට
රු.10,000/-ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් පේරාදෙනිය පලිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ සංවර්ධන නිලධාරිලයකු සහ රියදුරකු අල්ලස් චෝදනා මත
අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බණ්ඩාරවවල ප්‍ර දේශයේ පදිංචි ව්‍යාපාරිකයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, කෘමි නාශක, දිලීර නාශක සහ ශාක වර්ධනය සඳහා හෝමෝන නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරය ලියාපදංචි කිරීම සඳහා එම නිෂ්පාදනය කරන පලිබෝධනාශක නියදී වශයෙන් ගෙන පරීක්ෂා කිරීම සඳහා නිවසට පැමිණීමට එම නිලධාරීන් පැමිණෙන වාහනයට ඉන්ධන ලබාගැනීමට මෙම රු.10,000/- මුදලක් අල්ලස් වශයෙන් පැමිණිලිකරුගෙන් ඉල්ලා ලබාගැනීම ඔවුන්ට ඇති චෝදනාවයි.
ඒ අනුව පේරාදෙණිය පලිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරියකු සහ රියදුරුවරයකු පැමිණිලිකරුගේ නිවසේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරීන් අල්ලස් ,ලබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගත්තා.