
ස්විස්ටර්ලන්තයේ Booster Club වාර්ෂික සභාව ජිනීවා බෞද්ධ විහාරයේදී
ස්විස්ටර්ලන්තයේ පිහිටි සුප්‍රකට කඳු නගින්නන්ගේ සංගමයක් Booster Club.
එහි වාර්ෂික සභාව පසුගියදා පැවැත්වුණා.
ඒ අනුව Booster Club කඳු නගින්නන්ගේ සංගමයේ වාර්ෂික සභාව පැවැත්වුනේ ජිනීවා බෞද්ධ විහාරයේදී.
විශේෂයෙන්ම ඔවුන් එහිදී භාවනාමය වැඩසටහනකට මෙන්ම බුදු දහම පිළිබඳ වූ සාකච්ඡාවකට යොමු වූ අතර ජිනීවා බෞද්ධ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය තවලම ධම්මික නාහිමියන් මෙන්ම විහාරාධිකාරී හල්විටිගල සුජාත නාහිමියන් ද ඒ අවස්ථාවට වැඩම කලා.