කොස්ගම, සුදුවැල්ල වෙඩිතැබීමකින් කුඩා දියණියක් ඇතුළු තිදෙනෙකුට තුවාල

කොස්ගම, සුදුවැල්ල වෙඩිතැබීමකින් කුඩා දියණියක් ඇතුළු තිදෙනෙකුට තුවාල

කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම සිදුකළ වෙඩිතැබීමකින් කුඩා දියණියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඔවුන් තිදෙනා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එකම පවුලේ 30 හැවිරිදි මව සහ 12 හැවිරිදි දියණිය හා තවත් 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළා.

Share This