
ගල්කිස්ස – කන්කසන්තුරේ ශීග්‍රගාමී නගරාන්තර දුම්රිය හෙට සිට දිනපතා
ගල්කිස්ස – කන්කසන්තුරේ ශීග්‍රගාමී නගරාන්තර දුම්රිය හෙට සිට දිනපතා ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු දුම්රිය මාර්ගය පරිහරණය කරන ජනතාවගේ ඉල්ලීම පරිදි මෙතෙක් සති අන්තයට පමණක් සීමා වී පැවති මෙම දුම්රිය හෙට සිට කන්කසන්තුරය දක්වා දිනපතා ධාවනය වනු ඇති.
ඒ අනුව පෙ.ව. 05.15 ට ගල්කිස්සෙන් පිටත් වන දුම්රිය ප.ව. 12.13 ට කන්කසන්තුරයට ලගා වීමට නියමිතයි.
ප.ව. 1.50 ට කන්කසන්තුරයෙන් පිටත්වන දුම්රිය ප.ව. 8.58 ගල්කිස්සට ලගා වීමට නියමිතව පවතිනවා.
දුම්රිය ධාවන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා දැනුම් දෙන්නේ ඊට සමගාමීව කොළඹ කොටුවෙන් පෙ.ව. 5.45 ට කන්කසන්තුරේ දක්වා ධාවනය කරන ලද යාල්දේවී දුම්රිය හෙට සිට කොළඹ කොටුවෙන් පිටත් වන වේලාව සංශෝධනය කර ඇති බවයි.
ඒ අනුව කොළඹ කොටුවෙන් පිටත් වන වේලාව වන්නේ පෙ.ව. 6.40 ට බවත් මීට මාසයකට කලින් ආසන වෙන්කරගත් යාල්දේවී දුම්රියෙන් ගමන් ගන්නා මගීන් හට නව වේලාව අනුගමනය කරන ලෙසත් ශ්‍රී ලංකා දුම්රිය සේවය දැනුම් දෙනවා.