හිටපු ඇමති දුමින්ද දිසානායක තවදුරටත් රිමාන්ඩ්

හිටපු ඇමති දුමින්ද දිසානායක තවදුරටත් රිමාන්ඩ්

හැව්ලොක් නිවාස සංකීර්ණයේදී කාන්තාවක් සතුව තිබී රන්පැහැ, ටී පනස් හය ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ලබන ජුලි 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය නියෝග කළා.

ඒ අද (07) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය දැනට ඇති විමර්ශන මොනවාද යන්න සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සොයා ගත් ඊට අදාළ ලේඛන ද අධිකරණයට ඉදිරිපත් කළ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ අදාළ ගිනි අවිය එම නිවසේ තිබූ බව විමර්ශන වලින් තහවුරු කර ගත් බවයි.

සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය විමර්ශන අවසන් නොමැති බව පෙනී යන බැවින් සියලු ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ අතර දුමින්ද දිසානායක මහතා ලබන මස 15 වැනිදා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

Share This