කල්පිටිය විදෙස් සංචාරක ආකර්ෂණය එන විදියට හදන්න යයි

කල්පිටිය විදෙස් සංචාරක ආකර්ෂණය එන විදියට හදන්න යයි

කල්පිටිය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවට පත් කිරීමට රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව සංචාරක හා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

කල්පිටිය ලෝකයට හදුන්වා දීම සඳහා වයඹ පළාත් සභාව හා පෞද්ගලික අංශය එක්ව සිදු කළ දෙදින වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් අමත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙම වසර තුළ සංචාරකයින් ලක්ෂ 30ක් මෙරටට ගෙන්වා ගැනීම කෙරෙහි සංචාරක හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන හඳුනා ගනිමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමටයි සංචාරක හා විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.

Share This