ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ගේ ගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට උස්ට්ටිගේ දොන් නිශාන්ත ජයවීර පත් කරයි

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ගේ ගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට උස්ට්ටිගේ දොන් නිශාන්ත ජයවීර පත් කරයි

ජාතික ජනබල වේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඉල්ලා අස්වීම හේතු කොට ගෙන ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා උස්ට්ටිගේ දොන් නිශාන්ත ජයවීර මහතා දසවන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස නම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ පිළිගත් දේශපාලන පක්ෂයක් වන ජාාතික ජන බලවේගය නාම යෝජනා කරන ලදුව ආණ්ඩුක්‍රම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කර ගන්නා ලද හර්ෂණ සූරියප්පෙරුම මහතා ඉල්ලා අස්වීම හේතුකොට ගෙන පක්ෂ මහ ලේකම්වරයා මෙම පත්කිරීම සිදුකර ඇති බවයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වැනි සංශෝධනයේ විධිවිධාන සමඟ කියවිය යුතු 1981 අංක 1 දරන පාාර්ලිමේන්තු මැැතිවරණ පනතේ 64 (5) වැනි වගන්තිය ප්‍රකාර ක්‍රියා කරමින්, ඉහත කී පත් කිරීම මැතිවරණ කොමිසම පිළිගෙන ඇති බව අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් දැනුම් දෙනවා.

Share This