
වතුර අත්‍යවශ්‍ය වැඩවලට පමණක් ගන්න – ජල සම්පාදන මණ්ඩලය ඉල්ලයි
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එබැවින් වාහන සේදීම, ගෙවතු වගාව ආදි අත්‍යවශ්‍ය නොවන කටයුතුවලට පානීය ජලය භාවිත නොකරන ලෙස ද ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙනවා.
මේ දිනවල ප්‍රදේශ රැසකටම බලපා ඇති වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හි ජල මට්ටම සීඝ්රයෙන් පහළ යෑමේ තත්ත්වයක් උද්ගතව තිබෙනවා.
මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ජනතාවට පානීය ජල හිගයක්ද මතුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙවන් පසුබිමක ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ද ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසටයි.
උස්බිම් ප්‍රදේශවල පාරිභෝගිකයින් වෙත ජලය බෙදාහැරීමේදී අඩුපීඩන තත්ත්වයක් උද්ගත විය හැකි බව ජල සම්පාදන මණ්ඩලය සදහන් කළා.