
සීතාවක ප්‍රාදේශීය සභාවේ තීන්දුව 15 දා එයි
සීතාවක ප්‍රාදේශීය සභාවට සභාපතිවරයකු සහ උප සභාපතිවරයකු තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට එරෙහිව ගොනුකළ පෙත්සමේ නියෝගය එළඹෙන 15 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම්දී තිබෙනවා.
අප වාර්තාකරු පවසන්නේ එදින තෙක් අදාළ ප්‍රාදේශීය සභාවල තනතුරු සඳහා තෝරා ගැනීම් සිදු කිරීම සඳහා ඡන්ද විමසීම් නොපවත් වන ලෙස පළාත් පාලන කොමසාරිස්වරුන්ට නීතිපතිවරයා විසින් දැනුම්දී ඇති බවටයි.