
තරුණයකු ගේ මළ සිරුරක් හෝමාගම පාරක දමා ගිහින්
වෙනත් ස්ථානයකදී ඝාතනය කර ගෙනවිත් දමා ඇති බවට සැක කරන තරුණයෙකුගේ මළ සිරුරක් හෝමාගම විකල්ප මාර්ගයේ තිබී අද (10) හෝමාගම පොලිසිය සොයාගෙන තිබෙනවා.
වයස අවුරුදු 35 ක් පමණ වන මෙම තරුණයාගේ හිසෙහි තුවාලයක් දක්නට ලැබෙන බවත් ගෙළ ආසන්නයේ ලේ පැල්ලමක්ද දක්නට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම මළ සිරුර තිබූ ස්ථානයට පැමිණි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් මූලික පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළා.