
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඇමති වෘත්තීය සමිති සමග කතා බහක්
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කකටුම්පත හා වැඩපිළිවෙල සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්
ඊයේ (09) බලශක්ති අමාත්‍යාංශයේ දී පවත්වා තිබෙනවා.
මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය වැඩපිළිවෙල තුළ සේවකයින්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරැකීම ඇතුළු වෘත්තීය සමිතිවල අවධානයට යොමු වුණ කරුණු
රැසක් සාකච්ඡාවට ලක් වූ බවයි විදුලි බල අමාත්‍යාංශය පැවසුවේ.
මෙහිදී කරුණු දැක්වූ අමාත්‍යවරයා, විදුලිබල ක්ෂේත්රය රජයේ හිමිකාරීත්ව්ය යටතේ තබාගැනීම රජයේ ප්‍රතිපත්තිය බව ද මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ හරහා කිසිසේත් සේවක අයිතිවාසිකම් අඩුකිරීමට හෝ කප්පාදු කිරීමට කටයුතු නොකරන බවද ප්‍රකාශ කළා.
විදුලිබල මණ්ඩලය හා ආශ්රිත වෘත්තීය සමිති 42ක නියෝජිතයින්ට මේ හමුවට ආරාධනය කළ බව විදුලි බල අමාත්‍යාංශය සදහන් කළා.