
සියම් භික්ෂූන් 7 නමක් මහනුවර පොත්ගුල් විහාරයේදී වස් වැසීමට එක්වේ
ස්වර්ණ වර්ණ පොසොන් පින්කමට සමගාමීව දියත් කළ සියම් දහම් පාද යාත්‍රාවට සම්බන්ධ වූ විදෙස් භික්ෂූනන් වහන්සේ හත් නමක් එළඹෙන වස්සාන සමය උදෙසා මහනුවර පොත්ගුල් විහාරයේදී අද වස් සමාදන්වීම සිදු වුණා.
ඒ පොත්ගුල් විහාරාධිපති අතිපූජ්‍ය යටිරාවන ධම්මාරාම නායක ස්වාමීන්වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් අද පැවති වස් ආරාධනා පින්කමකදීයි.
ඉදිරි මාස කිහිපය පුරාවට මේ සුපේෂල ශික්ෂාකාමී භික්ෂූන් පොත්ගුල් විහාරයේ වාසය කරමින් ආගමික කටයුතුවල නිරතවීමෙන් අනතුරුව කටින පින්කමට සම්බධවීමට නියමිතයි.