ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ගේ ඉහළයාමක්

ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ගේ ඉහළයාමක්

මෙරටින් වාර්තාවන පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ දිනකට මෙරටින් වාර්තාවන පිළිකා රෝගීන් ගණන 103ක් සහ පිළිකා හේතුවෙන් දිනකට වාර්තා වන මරණ ගණන 42ක් වන බවයි.

පිළිකා රෝගය ගෝලීය වසංගතයක් බවට පත්වෙමින් තිබෙන අතර, එහි ප්‍රවණතාවද ඉහළ යමින් පවතිනවා.

2022 වසරේදී ලොවපුරා නව පිළිකා රෝගීන් මිලියන 19.9 ක් හඳුනාගෙන තිබෙනවා.

ආසන්න වශයෙන් මිලියන 9.7ක් පිළිකාව හේතුවෙන් පුද්ගලයින් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

2020 වසරේදී වාර්තා වූ මිලියන 19.3 සිට 2040 වනවිට මිලියන 30ක් පමණ දක්වා පිළිකා රෝගීන් ඉහළ යන බවට පිළිකා පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ ආයතනය මඟින් තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අනුගතවීමෙන් පිළිකාවලින් 30%ත් 50%ත් අතර සංඛ්‍යාවකින් වළක්වාගත හැකියි.

Share This