ඉරාන සහාය ලබන හුති ප්‍රහාරයකින් ඊශ්‍රායලය බලා ගිය නැවක් රතු මුහුදේ ගිල්වයි
යේමනයේ, හුති කැරළි කරුවන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට පහර දී රතු මුහුදේ ගිලී ගොස් තිබෙනවා.
යුරෝපීය නාවික මෙහෙයුමක් පවසන්නේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දස දෙනෙකු බේරාගෙන ඇති අතර අවම වශයෙන් තවත් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි.
තවත් කිහිප දෙනෙකු කැරලිකාර කණ්ඩායම විසින් රඳවාගෙන සිටින බවට විශ්වාස කෙරේ.
ලයිබීරියානු ධජය සහිත ග්‍රීකයේ ක්‍රියාත්මක එටර්නිටි සී නෞකාව කාර්ය මණ්ඩලය 25 දෙනෙකු රැගෙන යමින් සිටියදී හුති ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
යේමනයේ විශාල ප්‍රදේශ පාලනය කරන ඉරාන පිටුබලය ලත් කණ්ඩායමක් වන හුති කැරළිකරුවන් ඊයේ නිවේදනයක් නිකුත් කරමින් වගකීම භාර ගනිමින් කියා සිටියේ, ඊශ්‍රායලයේ එයිලාට් වරාය දෙසට ගමන් කරමින් සිටියදී “මිනිසුන් රහිත බෝට්ටුවක් සහ කෲස් සහ බැලස්ටික් මිසයිල හයක්” යොදා ගනිමින් එටර්නිටි සී නෞකාව ඉලක්ක කළ බවයි.
නෞකාව “සම්පූර්ණයෙන්ම ගිල්වා” ඇති බවත්, ඔවුන්ගේ හමුදා සමහර කාර්ය මණ්ඩල සාමාජිකයින් බේරාගෙන, වෛද්‍ය ප්‍රතිකාර ලබා දී, හෙළි නොකළ ස්ථානයකට ගෙන ගිය බවත් ඔවුහු ප්‍රකාශ කළා.
කුඩා බෝට්ටුවලින් නිකුත් කරන ලද රොකට්-ප්‍රචලිත අත්බෝම්බ ප්‍රහාරවලට හසුවීමෙන් පසු සියලු සන්නිවේදන අහිමි වූ බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් (UKMTO) ඒජන්සිය පැවසුවා.
ප්‍රහාරය පසුගිය අගහරුවාදා තෙක් පැවති අතර සෝදිසි ගලවා ගැනීමේ මෙහෙයුම් රාත්‍රියේ ආරම්භ කළා.
ඉරානයේ සහාය ලත් හූති පැවසුවේ ඔවුන් එටර්නිටි සී වෙත පහර දුන්නේ එය ඊශ්‍රායලය දෙසට ගමන් කරන නිසා බවයි.