පන ගසන භාතිය

පන ගසන භාතිය

මහව පොල්පිතිගම ප්‍රදේශයේ රෝගාතුරව වතුර වලක වැටී සිටින භාතිය හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ යළි සොයා බැලීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය මහාචාර්ය අශෝක දංගොල්ල මහතා අද එම ස්ථානයට පැමිණියා.

භාතිය හස්තියා මේ වන විට ආහාර ගැනීම සිදු කළද ස්නායු ආබාධ තත්ත්වය හේතුවෙන් තවදුරටත් දුර්වල සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවයි මහාචාර්ය අශෝක දංගොල්ල මහතා එහිදී සඳහන් කළේ.

මාධ්‍ය කණ්ඩායමක් ලෙස එම ස්ථානයට ළඟා වූ ලයිව් ඇට් ශ්‍රී ලංකා කණ්ඩායම භාතිය හස්තියාට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පශූ වෛද්‍ය අශෝක දංගොල්ල මහතාගේ ඍජු මැදිහත්වීමෙන් නිසි ප්‍රතිකාර ආරම්භ කළ අවස්ථාවේ සිට භාතිය හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු සොයා බැලීමට නිරන්තරයෙන් කටයුතු කළා.

Share This