
කිරි පිටි මිල නිසා රු.10 කින් ඉහළ ගිය කිරි තේ
ආනයනික කිරිපිටි කිලෝග්රෑමයක මිල රුපියල් 250කින් ඉහළ දැමීමට ශ්රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් කිරි තේ කෝප්පයක මිලද රුපියල් 10කින් වැඩි කිරීමට තීරණය කළ බවයි සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය සදහන් කළේ.
ලෝක වෙළදපොලේ කිරිපිටි මිල ඉහළයාම හේතුවෙන් ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට ශ්රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ආනයනික කිරිපිටි, ග්රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් සහ කිලෝග්රෑම් එකේ පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ දැමූ බවයි එම සංගමය සදහන් කළේ.
මේ හේතුවෙන් කිරි තේ කෝප්පයක මිලද රුපියල් 10කින් ඉහළ දැමීමටයි සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පියවර ගෙන ඇත්තේ.