ඓතිහාසික උරුමයන් මත අක්මුල් විහිදාගත් ජාතියක් ලෙස  ගොඩනැගෙමු – ජනපති ගෙන් යෝජනා

ඓතිහාසික උරුමයන් මත අක්මුල් විහිදාගත් ජාතියක් ලෙස ගොඩනැගෙමු – ජනපති ගෙන් යෝජනා

ඓතිහාසික උරුමයන් සමඟ මනා සබඳතාවයකින් තොරව සමාජයක් ලෙස ඉදිරියට යා නොහැකි බවත් ජාතියේ සංවර්ධන මාවත ඒ අනුව තෝරා ගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා.

ඓතිහාසික කතරගම පුදබිම වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරත වුණා.

අනතුරුව කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසදරක නිරත වුණා.

හස්ති රාජයා මත සධාතුක කරඩුව තැන්පත් කිරීමේ අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිවරයා රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහර නැරඹීමට ද එක්වුණා.

 

 

Share This