අමාත්‍ය විජිත සහ රුසියානු විදේශ අමාත්‍යවර‍යා අතර හමුවක් මැලේසියාවේදී

අමාත්‍ය විජිත සහ රුසියානු විදේශ අමාත්‍යවර‍යා අතර හමුවක් මැලේසියාවේදී

ජූලි 10 වන දින, ක්වාලාලම්පූර් හි පැවති ASEAN සංවිධානයේ අනුග්‍රහය යටතේ පැවති අමාත්‍ය උත්සවයට සමගාමීව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මහතා හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ සංවාදය අතරතුර, දෙපාර්ශවය ශ්‍රී ලංකා-රුසියානු සබඳතා සහ ජාත්‍යන්තර තලයේ පවතින සහයෝගීතාවය පිළිබඳ දැවෙන ගැටළු පිළිබදව සාකච්ඡා කළ බවයි.

බ්‍රික්ස් සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ උනන්දුව ප්‍රකාශ කළ පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාව විසින් යවන ලද සන්දේශය සඳහා රුසියානු විදේශ අමාත්‍ය ලැව්රොව් සිය කෘතඥතාව පළ කර තිබෙනවා.

රුසියාව මෙම පියවර සාදරයෙන් පිළිගන්නා අතර මේ සම්බන්ධයෙන් එකඟතාවයකට නිසැකවම සහාය දීමට සූදානම් බව රුසියානු විදේශ අමාත්‍යවරයා එහිදී පවසා තිබෙනවා.

තවද,අමාත්‍ය ලැව්රොව් මහතා සිහිපත් කර ඇත්තේ ශ්‍රී ලංකාව දිගු කලක් , රුසියාවේ විශ්වාසවන්ත හවුල්කරුවෙකු වී සිටි බවයි.

එහිදී ද්විපාර්ශ්වික සබඳතාවල ගැඹුරු සහ ධනාත්මක ඓතිහාසික ගමන් පථය ඔහු පිළිගත් අතර අනාගත සහයෝගීතාවය සඳහා ආදර්ශයක් ලෙස සම්බන්ධතාවය තවදුරටත් ඉදිරියට ගෙන යාමට රුසියාවට ඇති කැපවීම ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සමඟ රුසියාවේ ඓතිහාසික සබඳතා අගය කළ අමාත්‍ය විජිත හේරත් මහතා බහුවිධ අංශ හරහා සහයෝගීතාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම තහවුරු කර තිබෙනවා.

 

Share This