
ශ්‍රි ලංකාවේ ආචාර්ය නදීශා චන්ද්‍රසේන ලෝක බුද්ධිමය දේපල සංවිධානයේ සම්මානයට
WIPO ෙලා්ක බුද්ධිමය දේපල සංවිධානයේ 2025 ජාත්‍යන්තර සම්මාන උළෙල අද ජිනීවා නුවර දී පැවැත්වුණා.
ඒ අනුව WIPO Global Awards හී පරිසර අංශයේ බුද්ධිමය දේපල පිළිබඳ සම්මානය ආචාර්ය නදීශා චන්ද්‍රසේනට හිමිවුණා.
බුද්ධිමය දේපල පිළිබඳ ‘නොබෙල් සම්මානය’ ලෙසයි මෙය සැලකෙන්නේ.
නාගරික සැලසුම්කරණය පිලිබඳ විද්වතෙක් වන ඇය සිරිමාවෝ බාලිකාවේ ආදි සිසුවියක් වෙනවා.
ආචාර්ය නදීශා චන්ද්‍රසේන විසින් හ්දුන්වාදුන් නාගරික කුණු කසල කළමණාකරනය පිලිබද ක්‍රමවේදය මේ වන විට ජාත්‍යන්තරය තුල අවස්ථා කිහිපයකදීම ඇගයිමට ලක්වුණා.