
තලවාකැලේ – ලිදුල නගර සභාවේ පොහොට්ටු නාගරික මන්ත්‍රීගේ සාමාජිකත්වය අත්හිටුවයි
තලවාකැලේ – ලිදුල නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී ඔරුකද ලියනගේ අසංක සම්පත් පීරිස් මහතා පක්ෂ තීන්දුවට පටහැනිව සහ පක්ෂ විනය කඩ කිරීම හේතුවෙන් වහාම පක්ෂ සමාජිකත්වය අත් හිටුවන බව පක්ෂ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා දැනුම් දී තිබෙනවා.
නාගරික මන්ත්‍රී වරයාට යැවූ ලිපියේ දැක්වෙන්නේ තලවාකැලේ – ලිදුල නගර සභාවේ සභාපතිවරයා තේරීම සදහා පැවති ඡන්ද විමසීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබදව පක්ෂය විසින් දැනුවත් කර තිබිය දී එකී තීන්දුවට පටහැනිව යමින් සම්පත් පීරිස් මහතා කිසිවකුට ඡන්දය නොදී ස්වාධීනව කටයුතු කිරීමට ලිඛිතව දැනුම් දුන් බවයි.
අදාල විනය ක්‍රියා මාර්ග ගැනීමට හේතු දැක්වූ ලිපියෙන් පෙන්වා දී ඇත්තේ පක්ෂයේ තීරණය වූයේ ජාතික ජනබල වේගයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට එරෙහිව කදුරට ජනතා පෙරමුණ හෝ සමගි ජනබල වේගය තුලින් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයාට සභාපති වශයෙන් පත්වීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට බවයි.
පක්ෂය විසින් දෙනු ලැබූ උපදෙස්වලට පටහැනිව ස්වාධීනව සිටීමට තීරණය කිරීමෙන් අසංක සම්පත් පීරිස් මහතා ජාතික ජනබල වේගයේ අපේක්ෂකයාට තලවකැලේ – ලිදුල නගර සභාවේ සභාපති දූරය ලබා ගැනීමට ව්‍යංගයෙන් උදව් කිරීම හේතුවෙන් ඔහු පක්ෂයට අපකීර්තියක් ඇතිවන ආකාරයෙන් කට්යුතු කර ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා යැවූ ලිපියේ සදහන්.
එබැවින් අසංක සම්පත් පීරිස් මහතා ගේ පක්ෂ සමාජිකත්වය අත් හිටුවන අතර ඉහත චෝදනාවලට නිදහසට කරුණු දක්වන ලෙසද පක්ෂ මහ ලේකම් දැනුම් දෙනවා.