මධ්‍යම පාන්තික රාජ්‍ය සේවකයන්ට ගැලපෙන දියර කිරි අලෙවි සලක් මරදාන දුම්රියපලේ ඇමති ලාල්කාන්ත අරඹයි

මධ්‍යම පාන්තික රාජ්‍ය සේවකයන්ට ගැලපෙන දියර කිරි අලෙවි සලක් මරදාන දුම්රියපලේ ඇමති ලාල්කාන්ත අරඹයි

කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ මගපෙන්වීම යටතේ දිවයින පුරා අලෙවිසල් ආරම්භ කිරීමේ එක් පියවරක් අද(11) මරදාන දුම්රිය ස්ථානයේදී
ආරම්භ කෙරුණා.

මෙහිදී අමාත්‍යවරයා මරදාන දුම්රිය ස්ථානයේදී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ අලෙවිසැලක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් පැවසුවේ වැසී යාමට ආසන්නයේ පැවති ජාතික පශූ සම්පත් සංවර්ධන මණ්ඩලයට වත්මන් රජය නව පනක් ලබා දීමට කටයුතු කර ඇති බවයි.

මරදාන දුම්රිය ස්ථානය යනු උදේ සවස රාජ්‍ය සේවකයන් විශාල ප්‍රමාණයක් එහා මෙහා යන තැනක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ මෙම රාජ්‍ය සේවකයන් එක්තරා මධ්‍යම පාන්තික තත්ත්වයක සිටින පිරිසක් ලෙස අර්ථ දැක්විය හැකි බවයි.

අවම වශයෙන් ඔවුන්ට මධ්‍යම පාන්තික මානසිකත්වයක් හෝ ඇති අය බව ලාල්කාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

ඔවුන්ට ගුණාත්මක දේ අවශ්‍ය බවත්, මෙම දියර කිරි ඉතා ගුණාත්මක තත්ත්වයෙන් පවතින බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙහිදී පෙන්වා දුන්නා.

 

Share This