
වනාන්තර 16ක් රක්ෂිත ලෙස නම් කරයි
මෙරට වනාන්තර 16ක් රක්ෂිත බවට පත්කර සංරක්ෂණය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
වනස්පති ලෙස නම්කර ඇති මෙය ජාතික වැඩසටහනක් ලෙස ලබන 15වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයේ වනාන්නතර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කර අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් වනස්පති ජාතික වැඩසටහන ආරම්භ කර තිබෙනවා.
ජෛව විවිධත්වයෙන් ඉතා ඉහළ රටක් වුවද වන ගහනය සීග්‍රයෙන් පිරිහීයාමේ තත්ත්වයකට ශ්‍රී ලංකාව මුහුණ දී සිටිනවා.
මෙරටට ආවේණික සතුන් වදවීයාම, පරිසර උෂ්ණත්වය ඉහළ යෑම, ජල උත්පත් සිදී යෑම ඇතුළු ගැටළු රැසක් මේ වන විටත් නිර්මාණය වී අවසන්.
එම ගැටළුවලට විසඳුම් සොයමින්, වනාන්තර සුරක්ෂිත කිරීම වනස්පති වැඩසටහනේ අපේක්ෂාව වන අතර, මෙම වැඩපිළිවෙල යටතේ වනාන්තර 16ක් සංරක්ෂණය කොට, රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කිරීමටද නියමිතයි.
2030 වසර වන වන විට රටේ වනාන්තර සහිත භූමි ප්‍රමාණය 32%ක් දක්වා ඉහළ දැමීමද මෙම වැඩපිළිවෙලේ අරමුණක්.
පරිසර අමාත්‍යංශය ඇතුළු ආයතන රැසක දායකත්වය මත ලබන 15වැනිදා ගම්පහ, බජ්ජන්ගොඩදී නිල වශයෙන් වනස්පති වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි.