ඇමෙරිකාව, ඉන්දීය බදු ප්‍රතිශත පහළ දමයි ද?

ඇමෙරිකාව, ඉන්දීය බදු ප්‍රතිශත පහළ දමයි ද?

අමෙරිකාව පැනවු නව තීරුබදු සම්බන්ධයෙන් තමන් සමීපව නිරීක්ෂණයක යෙදෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

එමෙන්ම තීරුබදු හේතුවෙන් ගෝලීය ආර්ථික දැක්මේ අවිනිශ්චිතතාවය ඉහළ මට්ටමක පවතින බැවින් ස්ථාවර වෙළඳ පරිසරයක් ගොඩනැගීම සඳහා සියලු රටවල් ඵලදායී ලෙස කටයුතු කළ යුතු බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මේ අතර අප්‍රේල් මස අමෙරිකාව ඉන්දියාවට පැනවූ 27%ක යෝජිත තීරුබදු 20% දක්වා අඩු කළ හැකි අතුරු වෙළඳ ගිවිසුමක් සඳහා එක්සත් ජනපදය කටයුතු කරමින් සිටින බවට ද ටයිම්ස් ඔෆ් වෙබ් අඩවිය තොරතුරු වාර්තා කරනවා.

එය කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉන්දියාවට වඩාත් වාසිදායක ස්ථානයක් ලබා දෙනු ඇති අතර අමෙරිකාව මෙම බදු අඩු කිරීම ඉන්දියාවට ලිපි මගින් නිවේදනය නොකෙරෙනු ඇති බවටත් මත පලවනවා.

Share This