
භාතිය ගේ සිලම්බු අඩිය ගැලවී ඇති පාදයට ප්‍රතිකාර කිරීම අරඹයි (VIDEO)
මෙරට අලි ඇතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විද්‍යාත්මක සැලැස්මක් අවශ්‍ය බව වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම් නයනක රන්වැල්ල මහතා පවසනවා.
මේ අතර දැඩි ලෙස රෝගීව මහව පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වලක වැටී සිටින භාතිය හස්තියාට අද හත්වන දිනටත් ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදු කෙරෙනවා.
ඒ අනුව පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ අධීක්ෂණය යටතේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකය හස්තියාගේ එක් පාදයක සිලම්බු අඩිය ගැලවී ඇති නිසා එයට ප්‍රතිකාර කිරීම ද මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
එමෙන්ම පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා පවසන පරිදි මේ වන විට පැන නැගී ඇති ප්‍රධාන ගැටලූව හස්තියා එකම ඇලයකට නිදා සිටීමයි.
හස්තියා අනෙක් ඇලයට මාරු කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා අතර ඒ සඳහා අවශ්‍ය උපකරණ කිහිපයක්ද ලැබී හස්තියාගේ එක් පාදයක සිලම්බු අඩිය ගැලවී ඇති නිසා එයට ප්‍රතිකාර කිරීම ද මේවනවිට ආරම්භ වී තිබෙනවා.
මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ උපදෙස් මත පාදයේ තත්ත්වය සැලකිල්ලට ගෙන කැල්සියම් ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කළ බව පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා සඳහන් කළා.
ඊයේ රාත්‍රියේද හස්තියා හොදින් ආහාර ලබාගෙන තිබු අතර හොඳ නින්දක් ද ලබා ගෙන තිබෙනවා.
මේ අතර වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ආනපල්ලම තුනේ කණුව ප්‍රදේශයේ දී එල්ල වූ වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
ජිවිතක්ෂයට පත් පුද්ගලයා තවත් පිරිසක් සමග සාදයක් පැවැත්වීමට වන සංරක්ෂණ රක්ෂිතයක් වන තුනේ කණුව කැලෑ බද ප්‍රදේශයට ගොස් ඇති අතර එම සාදය නිමා කර යලි පැමිණෙමින් සිටිය දීයි මෙම වන අලිපහරදීමට ලක්ව ඇත්තේ.
එමෙන්ම වනඅලි පහරදීමත් සමග එම පුද්ගලයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වී ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ වැල්ලවාය, ආනපල්ලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් එකක් වන කසුන් උදයංග නැමැති එක් දරු පියෙක්.