
ඩෙල්ෆ් දූපත අසලදී පෙරළුන සංචාරක බෝට්ටුව
යාපනය ඩෙල්ෆ් සිට කුරිකට්ටුවාන් බලා පිටත් වූ සංචාරක බෝට්ටුවක් පෙරලී ගොස් තිබෙනවා.
එහි 14 දෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් සියලුදෙනා ඒ අසලින් ගමන් කළ තවත් සංචාරක බෝට්ටුවක පිරිසක් විසින් බේරාගත් අතර, පසුව එම ස්ථානයට පැමිණි නාවික හමුදාව විසින් අනතුරට පත් පිරිස ආරක්ෂිතව කුරිකට්ටුවාන් බලා රැගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.