මුහුදු ගමන් වලදී අනුගමනය කළ යුතු පූර්වාරක්ෂාව සම්බන්ධ උපදෙස් පිළිපැදිය යුතු බවට ධීවර ඇමති ගෙන් නියෝග

මුහුදු ගමන් වලදී අනුගමනය කළ යුතු පූර්වාරක්ෂාව සම්බන්ධ උපදෙස් පිළිපැදිය යුතු බවට ධීවර ඇමති ගෙන් නියෝග

යාපනය අර්ධද්වීපයේ දූපත් නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා සියලු පියවර ගන්නා බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ ඊට අමතරව, සමුද්‍ර ප්‍රවාහන සේවා සපයන බෝට්ටුවල ගුණාත්මකභාවය සහ ආරක්ෂක විධිවිධාන අඛණ්ඩව නිරීක්ෂණය කරන ලෙස පොලිසියට සහ නාවික හමුදාවට දැනුම් දී ඇති බවයි.

සංචාරකයින් රැගෙන යන සිවිල් පුද්ගලයෙකුට අයත් කුඩා බෝට්ටුවක් ඊයේ (12) නෙඩුන්තී බලා යමින් සිටියදී අක්‍රමිකතාවයක් හේතුවෙන් ගිලීයාම මේ තීරණයට ආසන්න හේතුවයි.

එඋ පෙරළී ගිය බෝට්ටුවේ මගීන් 12 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 02 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 14 දෙනෙකු සිටි අතර ඔවුන් ජීවිත හානි නොමැතිව බේරාගෙන ගැනීමට පිරිසක් කටයුතු කළා.

එලෙස පිරිස බේරා ගැනීමට පියවර ගත්තේ නෙඩුන්තී හි සබරිෂ් නම් පෞද්ගලික බෝට්ටුවේ කාර්ය මණ්ඩලයයි.

නාවික හමුදාව ද මේ සදහා සිය පූර්ණ සහය ලබා දීමට කටයුතු කර තිබුණා.

මුහුදු ගමන් වලදී අනුගමනය කළ යුතු පූර්වාරක්ෂාව සම්බන්ධයෙන් දැනටමත් සුදුසු උපදෙස් නිකුත් කර ඇතැයි ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය වරයා මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.

Share This