
නුවරවැව නිරීක්ෂණයට පැමිණි සංචාරක ඇමති ඇතුලු පිරිස සිරකර ගේට්ටු වැසීම වාරිමාර්ග නිලධාරීන්ගේ වැඩක් නෙවෙයි ලු
නුවරවැව ආශ්‍රිතව නිරීක්ෂණයකට පැමිණි සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස වැව්බැම්මේ සිටියදී ඉබි යතුරු දමා ගේට්ටු වසාදැමීමේ සිද්ධියට වාරිමාර්ග නිලධාරීන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂ එච්.ඒ.ජයන්ත ඩී.සිල්වා මහතා පවසනවා.
කෙසේ වෙතත් කිසියම් ව්‍යාපෘතියක් සඳහා නුවරවැව යොදා ගන්නේ නම්, එහි වැව් බැම්ම ඔස්සේ සිදුවන ජලකාන්දුව සම්බන්ධයෙන් බරපතල ලෙස සිතා බැලීමට සිදුවන බවද ඔහු පවසනවා.
අනුරාධපුර සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ අරමුණින් ව්‍යාපෘති කිහිපයක් දියත් කිරීමට රජය ගෙන ඇති තීරණයකට අනුව, ඒ සදහා ඇති අවස්ථා හදුනාගැනීම සදහා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර මහතා ඇතුළු පිරිසක් නුවරවැව ආශ්‍රිත ප්‍රදේශයට ගියේ පසුගිය 03වැනිදායි.
ඒ සදහා නුවරවැවේ වැව් බැම්මට ඇතුළුවීම අවහිර කරමින් දමා ඇති ගේට්ටුව විවෘත කර දීමටද වාරිබලධාරීන් පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු පිරිස වැව් බැම්මට ඇතුළු වීමෙන් අනතුරුව නැවත ගේට්ටුව වසාදැමීම හේතුවෙන් ඔවුන්ට ආපසු පිටවීමට නොහැකිව අපහසුතාවට පත්වුණා.
මේ අතර මේ සිද්ධියට තමන්ගේ හෝ වාරිමාර්ග නිලධාරීන්ගේ සම්බන්ධයක් නොමැති බවයි අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂ එච්.ඒ.ජයන්ත ඩී.සිල්වා මහතා පවසන්නේ.
මේ ස්ථාන ඔස්සේ තත්පරයකට ලීටර් දෙක බැගින් ජලය කාන්දුවන බව හදුගෙන ඇති අතර, එමගින් ඇතිවිය හැකි බලපෑම පිළිබඳ විද්‍යාත්මක පරික්ෂණ තවදුරටත් සිදුවෙමින් පවතිනවා.
අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂවරයා මේ සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් පැවැසුවේ, සංචාරක ව්‍යාපෘතියක් සඳහා නුවරවැව යොදාගැනීමට ඉඩ ලබාදෙන්නේ නම්, එය අවබෝධතා ගිවිසුමකට අනුව සිදුකිරීමට තීරණය කර ඇති බවයි.