
අගෝස්තුවේ පොල් මිල ආයෙත් ඉහළ යන බවට පොල් ගැනුම්කරුවන් ගෙන් අනතුරු ඇගවීම් (Video)
එළඹෙන අගෝස්තු මාසයේදී පොල් මිලෙහි කැපී පෙනෙන ඉහළ යාමක් ඇති විය හැකි බව අනුරාධපුර දිස්ත්‍රික් පොල් ගැනුම්කරුවන්ගේ සංගමය පවසනවා.
මේ අතර පොල් වගාවට හානිකරන පලිබෝධකයින් මර්දනය කිරීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් සංවිධාන කර ඇති ‘පොල් දෙසතිය’ විශේෂ වැඩසටහන හෙට සිට ආරම්භ වනවා.
මෙරට වාර්ෂික පොල් අවශ්‍යතාව ගොඩි මිලියන 3000 ක් පමණ වුවත් පසුගිය වසර කිහිපයේ පොල් අස්වැන්න ගෙඩි මිලියන 2750කට පමණ සීමා වුණා.
මේ හේතුවෙන් දේශිය පොල් වෙළදපොලේ පොල් ගෙඩියක මිල රු.250 සීමාවද ඉක්මවා ගියා.
2030 වන විට වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි මිලියන 4200ක ඉලක්කයකට යාමට පොල් වගා කිරීමේ මණ්ඩලය සැලසුම් කර ඇති අතර පොල් වගාවට හානිකරන පලිබෝධකයින් මර්දනය කිරීමේ අරමුණින් පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් සංවිධාන කර ඇති ‘පොල් දෙසතිය’ විශේෂ වැඩසටහනද හෙට සිට ආරම්භ වනවා.
මෙවන් පසුබිමක අනුරාධපුර දිස්ත්‍රික් පොල් ගැනුම්කරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ඉදිරියේදි පොල් මිල නැවත ඉහළ යාහැකි බවයි.
මේ අතර පවතින කීරි සම්බා සහල් හිගය නිසා මෙරටට කීරි සම්බා සහල් සදහා ආදේශකයක් පමණක් ආනයනය කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගම, ගෝණදෙණියාගම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.