
පස්යාල රිය අනතුරින් දෙදෙනකුට දිවි අහිමි වෙද්දී මහරගමත් බස් අනතුරකින් 4 කට තුවාල
මහරගම, නාවින්න ප්රදේශයේදී අද උදෑසන බස් රථ 2ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
ඉන් මගීන් සිව් දෙනෙකුට තුවාල සිදුව ඇති අතර පස්යාල ප්රදේශයේදී වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකුට තුවාල සිදු වුණා.
නිට්ටඹුව ගිරිඋල්ල මාර්ගයේ පස්යාල මංසන්දිය ආසන්නයේදී වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් ඊයේ පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා මියගොස් ඇති බවයි නිට්ටබුව පොලිසිය සඳහන් කළේ.
එලෙස මියගොස් ඇත්තේ වේයන්ගොඩ ප්රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවක් සහ දෙවළපොළ ප්රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වෑන් රථයේ අධික වේගය අනතුරට හේතු වී ඇති බව පොලිසිය පැවසුවා.
මේ අතර මහරගම නාවින්න බස් නැවතුම්පොළ ඉදිරිපිටදී අද උදෑසන බස් රථ 2ක් එකි නෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
එලෙස අනතුරට ලක්වූ එක් බස් රථයක් නාවින්න බස් නැවතුම්පොළේ සිට ප්රධාන මාර්ගය දෙසට ධාවනය වෙමින් තිබියදී මහරගම සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් බස් රථ දෙකට හානි සිදුව ඇති අතර මගීන් සිව්දෙනෙකුට සුළු තුවාල සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.