මිෂෙල් ස්ටාර්ක් ගෙන් ටෙස්ට් ක්‍රිකට් පන්දු යැවීමේ ලෝක වාර්ථාවක්

මිෂෙල් ස්ටාර්ක් ගෙන් ටෙස්ට් ක්‍රිකට් පන්දු යැවීමේ ලෝක වාර්ථාවක්

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ජැමෙයිකාවේ පැවති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන ටෙස්ට් තරගයේදී අඩුම පන්දු ගණනකින් කඩුළු 05 ක දවාගත් ලෝක වාර්තාවේ හිමිකරුවීමට සමත් වුණා.

ඔහු මේ දස්කම සිදු කළේ ඕවර 2.3 කින් කඩුලු 5 ක් දවා ගනිමින් එම දස්කම දැක් වූ පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින්.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සිය 100 වන ටෙස්ට් තරගය ක්‍රීඩා කරන මිචෙල් ස්ටාර්ක් රෝස පැහැති පන්දුවෙන් තම දක්ෂතාව දැක්වූ අතර ඔහුගේ කණ්ඩායමේ අනෙක් සගයා වන ස්කොට් බොලන්ඩ් විශිෂ්ට කඩුළු ත්‍රිත්වයක් ලබා ගනිමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 27 කට සීමා කළා.

මීට පෙර නවසීලන්තය එක් ටෙස්ට් ඉනිමකදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම බිඳ නොදැමුවත්, ස්ටාර්ක් විසින්ම ලෝක වාර්තාවක් ඔහුගේ නමට තබා ගැනීමට සමත් වීම කැපී පෙණුනා.

ලෝක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිදු ක්‍රීඩකයෙකු අඩු පන්දු ගණනකින් කඩුලු 5 ක් දවා ගත් පළමු අවස්ථාව මෙයයි.

Share This