
භාතිය බේරාගන්න ලංකාවට පැමිණි ජර්මන් සහ තායිලන්ත පශූ වෛද්‍යවරුන් දෙදෙනාට සිදු වුණේ මොකද්ද?
පොල්පිතිගම ප්‍රදේශයේ රෝගාතුරව සිටියදී මිය ගිය භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීමට මෙරටට පැමිණි ජර්මන් ජාතික සහ තායිලන්ත ජාතික පශූ වෛද්‍යවරුන් දෙදෙනා එම ස්ථානයට ළගා වනවිට භාතිය මිගොස් සිටි බව අධ්යක්ෂ වනජිවි සෞඛ්‍ය පශූ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පවසනවා.
මෙම මරණයෙන් පසුව හස්තියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ ඇතාට ප්‍රතිකාර නොකළ වෛද්‍ය කණ්ඩායමක් මගින් සිදු කළ හුතු බවට අධිකරණය සිදුකළ දැනුම් දීමකට අනුව වෙනත් වෛද්‍ය කණ්ඩායමක් එම කරුණු අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කර ඇති බව අද පැවති මාධ්‍ය හමුවක දී දැනුම් දුන්නා.
ඒ මහතා මාධ්‍ය ඇසූ පැනයකට පිළිතුරු දෙමින් පැවසුවේ භාතියගෙ දකුණු පාදයේ ස්නායුවලට සිදුව තිබූ හානි නිසා වම් පාදයට බර දී ඇවිදීමෙන් එම පාදයට හානි පැමිණ තිබූ බවයි.
භාතිය ගේ තුවාල වලට පසුගිය මස 18 නිර්වින්දනය කර ප්‍රතිකාර කරන විට බාහිර තුවාල බොහොමයක් සුව වී පැවති බවත් වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා සදහන් කළා.
භාතියට අමතරව මේ වන විට අනුරාධපුර කලාපයේ අලි 07 ක්, පොළොන්නරුව කලාපය තුල වන අලි 03 ක්, වව්නියාව කලාපය තුල එක වන අලියෙක්, සහ දකුණු කලාපය තුළ වන අලි 02 ක් ලෙස දැනට ප්‍රතිකාර ලබමින් සිටින බවත් වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා මධ්‍ය කළ ප්‍රශ්න කිරීම් වල දී පැවසුවා.
වන අලින් වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ 2023 වසරේ වන අතර එම වසරේ වන අලින් 488 ක් මියගොස් තිබෙනවා.
වාර්ෂිකව වන අලි මරණ වලින් සියයට 20 ක් සිදුවන්නේ වෙඩි තැබීම් වලින් බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් රංජන් මාරසිංහ මහතා පවසනවා.
ඔහු පැවසුවේ තවත් සියයට 14 ක් අනවසර විදුලි සැර වැද්දීමෙන් සිදුවන වන අලි මරණ බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්වරයා සදහන් කළා.
වන අලි වෙඩි තැබීම් වලින් සියයට 90 ක් පමණ නීති විරෝධීව ගෘහාශ්‍රිතව සකස් කරන ගිනි අවි වීම බරපතල ගැටලුවක් බව රංජන් මාරසිංහ මහතා ගේ අදහසයි.
ඉදිරියේ දී බදින තුවක්කු සහ මදු ගැසීම නතර කිරීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව ද වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්වරයා සදහන් කළා.
මෙහිදී පශූ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පැවසුවේ භාතියගේ මරණ පරීක්ෂණයේ දී Osteomalacia හෙවත් අස්ථි ඉදිමීමක් වැනි තත්ත්වයක් මරණයට හේතුවී ඇතැයි වාර්තා වන බව සදහන් කළා.
එමෙන්ම භාතියගේ රෝගී තත්ත්වය ඇතිවීමට පෙර ආසන්න වශයෙන් මාස දෙකකට පෙර බදින තුවක්කුවකින් වැදුන වෙඩි උණ්ඩ මෙම රෝගී තත්ත්වයටාසන්න හේතුවක් ලෙස දකින බව වෛද්‍ය තාරක පැවසුවා.
1992 අංකයට වෙඩි වැදුන වන අලි හෝ නීති විරෝධී වනජීවී ක්‍රියා පිළිබද කඩිනමින් දැනුම් දීම තුලින් වන අලින් ට කඩිනම් ප්‍රතිකාර කිරීමට පහසුවක් බව ද වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා සදහන් කළා.