ශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් හදිසියේ ගෙන්වන්න එපා! තනාපති කාර්යාලයෙන් නිවේදනයක්

ශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් හදිසියේ ගෙන්වන්න එපා! තනාපති කාර්යාලයෙන් නිවේදනයක්

ඊශ්‍රායලයේ සේවය කරන විදේශිකයන් තම සේවා කාලය අතරතුර නිවාඩු සඳහා හෝ වෙනත් හදිසි අවශ්‍යතාවයන් වෙනුවෙන් ඊශ්‍රාලයෙන් පිටවන්නේ නම් ඔවුනට නැවත පැමිණීම සඳහා වන අවසරය හෙවත් (RE -ENTRY VISA) බලපත්‍රයක් ඊශ්‍රායලයෙන් පිටත්වීමට පෙර ලබා ගත යුතු බව එරට ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය දැනුම් දෙනවා.

තානාපති කාර්යාලය දන්වා සිටින්නේ නැවත පැමිණීම සඳහා වන අවසරය ලබාගැනීම සඳහා අවම වශයෙන් දින 10 ක සිට දින 24 දක්වා කාලයක් ගතවන බවයි.

අයදුම්පත් තම සේවා ආයතනය හා රැකියා ඒජන්සිය මගින් PIBA ආයතනයට ඉදිරිපත් කළ යුතු වනවා.

මෙසේ නැවත පැමිණීම සඳහා වන අවසරය ලබානොගෙන ශ්‍රී ලංකාව බලා පැමිණි 20කට අධික පිරිසක් නැවත ඊශ්‍රායලයට යාමට නොහැකිව ශ්‍රී ලංකාවේ සිටින අතර ඔවුනට නැවත පැමිණීමේ හැකියාවක් නොමැති බව දැනුම් දෙනවා.

එබැවින් ඇතිවන හදිසි අවස්ථා තත්ත්වයන් යටතේ තම පවුලේ සාමාජිකයන්ට ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට බල කිරීමෙන් වලකින ලෙසයි තානාපති කාර්යාලය ඉල්ලා සිටින්නේ.

හදිසි අවස්ථාවක දී ඊශ්‍රායලයේ සිට ශ්‍රී ලංකාවට පැමිණිය හැකිවුවත් නැවත පැමිණීම සඳහා වන අවසරය (RE -ENTRY VISA) නොමැතිව හදිසියේ පැමිණියහොත් නැවත ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි වන බවද තනාපති කාර්යාලය නිවේදනය කළා.

Share This