වෙඩි වැදුන ”කණ්ඩලම හැඩකාරයා” ගේ ඉරණම කුමක් වෙයිද?(VIDEO)

වෙඩි වැදුන ”කණ්ඩලම හැඩකාරයා” ගේ ඉරණම කුමක් වෙයිද?(VIDEO)

කණ්ඩලම වැව් පරිශ්‍රයේ වෙඩි වැදී රෝගී තත්වයේ පසුවන අලියෙකු පිළිබඳව පසුගියදා තොරතුරු වාර්තා වුණා.

ඒ අනුව ”කණ්ඩලමේ හැඩකාරයා” නමින් හඳුන්වන අදාල වන අලියාගේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ලයිව් ඇට් ශ්‍රී ලංකා අද විශේෂ සොයා බැලීමක් සිදු කළා.

”කණ්ඩලමේ හැඩකාරයා” නමින් හඳුන්වන වනඅලියා,මීට මාස තුනකට පමණ පෙර සිට වෙඩි වැදී රෝගී තත්ත්වයේ පසුවන බවට පසුගියදා තොරතුරු වාර්තා වුණා.

ඒ ඉදිරි දකුණු පාදයට වෙඩි වැදී වැදීම හේතුවෙන්.

එහිදී කණ්ඩලම වැව අසල සිටින අලියාට ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය කණ්ඩායම පසුගියදා එක්ස්රේ පරීක්ෂණ හා ස්කෑන් පරීක්ෂණයක් සිදු කරනු ලැබුවා.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් සඳහන් කළේ මෙම වනඅලියා සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය අඩු මට්ටමක පවතින බවටයි.

ලයිව් ඇට් ශ්‍රී ලංකා විශේෂ ප්‍රවෘත්ති කණ්ඩායමක් වන අලියාගේ නවතම තතු සොයා පිටත්ව ගියේ මෙම අලියා පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කිරීමේ අරමුණ ඇතිවයි.

එහිදී අප කණ්ඩායම, කණ්ඩලම වැව පරිශ්‍රය වෙත ගිය අවස්ථාවේ අලියා වැව ඉස්මත්තේ වැතිර සිටියා.

මෙම වන අලියාගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යොදවා සිටින බවට තොරතුරු වාර්තා වුවද අප එහි යන අවස්ථාවේ කිසිදු පොලිස් නිලධාරියෙකු හෝ බලධාරියෙකු දක්නට ලැබුණේ නැහැ.

කෙසේ වෙතත් අද පෙරවරුවේ වන අලියා සම්බන්යෙන් අප අනාවරණය කිරීමත් සමග මේ වන විට පොලිස් නිලධාරීන් එම ස්ථානට පැමිණ සිටියා.

Share This