අරලගංවිල වන අලියෙක් විහාරයට පැනලා – ආවාස ගේත් කඩලා (VIDEO)

අරලගංවිල වන අලියෙක් විහාරයට පැනලා – ආවාස ගේත් කඩලා (VIDEO)

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් අරලගංවිල ගල්එළිය ශ්‍රී සද්ධර්මාලෝක විහාරස්ථානයට පැමිණි වන අලියෙකු විසින් නායක ස්වාමීන් වහන්සේ රැඳී සිටින ආවාසගෙයි ඉදිරිපස බිත්තිය කඩා විහාරස්ථානයට ලැබී තිබුණු වී මිටී දෙකක් පමණ ආහාරයට ගෙන තිබෙනවා.

විහාරාධිපති හිමියන් සඳහන් කරන්නේ වන අලියා විහාරස්ථානයේ ආවාස ගෙයි ඉදිරිපස බිත්තිය කඩා දැමීමේදී විහාරස්ථානයේ තිබුණු පිත්තල පහන් දෙකක්ද තව ගෘහ උපකරණ කීපයක්ද විනාශයට පත් වී ඇති බවයි.

වලස්ගල රක්ෂිත කැලේ සිටින වන අලින් දිවා රාත්‍රී භේදයකින් තොරව ගම්මාන වලට පැමිණ බවබෝධ විනාශ කරමින් හිරිහැර කරන බවයි විහාරාධිපතියන් පෙන්වා දෙන්නේ

විහාරාධිපති හිමියන් පෙන්වා දෙන්නේ වෙහෙරගල වනජීවී කාර්යාලට පැමිණිලි කළ ද ඔවුන් වන අලි එලවීමට පැමිණෙන්නේ නැති බවයි.

එම වන අලියා මිනිස්සුන්ට පහර දෙන බවත් ප්‍රදේශවාසීන් සඳහන් කරන අතර අද උදෑසන අරලගංවිල දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ වීරලන්ද ප්‍රදේශයේදී ගම්මානය හරහා ප්‍රධාන මාර්ගයට පැමිණීමේදී මිනිසුන් වෙඩි දමා අලියා පළවා හැරීමට කටයුතු කළා.

යතුරුපැදියක නැග වන අලියා පිටුපස ගොස් අලි වෙඩි දමා වන අලියා පළවා හරින ආකාරය ප්‍රදේශයේ තරුණයකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කරගෙන තිබුණා.

Share This