City of Dreams Sri Lanka දියත් කිරීමේ උත්සවයට ෂාරුක් ඛාන් එන්නෙ නෑ කියයි

City of Dreams Sri Lanka දියත් කිරීමේ උත්සවයට ෂාරුක් ඛාන් එන්නෙ නෑ කියයි

දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ නිවාඩු නිකේතනය වන City of Dreams Sri Lanka හි ඓතිහාසික මංගල දර්ශනයට දින ගණන් කරන අතරතුර, බොලිවුඩ් සිනමා තාරකාව වන ෂාරුක් ඛාන් ඊට සහභාගී නොවන බව එහි සංවිධායකයින් පවසනවා.

මීට හේතුවී ඇත්තේ ඔහුගේ පාලනයෙන් ඔබ්බට ගිය අනපේක්ෂිත පෞද්ගලික හේතූන් මත ෂාරුක්ට ඊට එක්විය නොහැකි බවයි.

කෙසේ වුවත් City of Dreams Sri Lanka දියත් කිරීමේ උත්සවය දර්ශනීය සැමරුමක් ලෙස ගැටලුවකින් තොරව විචිත්‍රවත්ව පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි එහි සංවිධායකයින් වැඩිදුරටත් පවසනවා.

මෙම විවෘත කිරීමේ උත්සවය දේශීය හා ජාත්‍යන්තර දක්ෂතාවල සුවිශේෂී මිශ්‍රණයක් වන බවද ඔවුන් සදහන් කළා.

Share This