
මිනිත්තුවට උණඩ 700 ක් යන ඉන්දියාවේ AK-203 රයිපලය වෙළෙදපළට (VIDEO)
මිනිත්තුවකට උණ්ඩ 700ක්, මීටර් 800ක පරාසයක් තුල නිකුත් කරන AK-203 රයිෆලයක් ඉන්දියාවේ නිපදවා තිබෙනවා.
‘ෂර්’ ලෙස නම් කර ඇති AK-203 දේශීය නිෂ්පාදනය උත්තර් ප්‍රදේශ්හි ඇමතී හි ඒකාබද්ධ ව්‍යාපාර සමාගමයි නිපදවා ඇත්තේ.
ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට AK-203 ප්‍රහාරක රයිෆල් නව කාණ්ඩයක් ලබාගැනීමට නියමිත බවත් වාර්තා වුණා.
මෙම රයිපලය කලෂ්නිකොව් ශ්‍රේණියේ නවීකරණය කරන ලද අනුකරණයක් වන අතර එය මිනිත්තුවකට වට 700 ක් දක්වා වෙඩි තැබිය හැකියි.
මීටර් 800ක පරාසයකට මෙම අවියෙන් වෙඩි තැබිය හැකි බව එහි නිෂ්පදකයින් පවසනවා.
මෙම නව ගිනි අවි සැපයුම්කරු වන ඉන්දු-රුසියානු රයිෆල්ස් පුද්ගලික සමාගම (IRRPL) යනු ඉන්දියාවේ ‘ෂර්’ ලෙස නම් කර ඇති AK-203 දේශීය නිෂ්පාදනය සඳහා උත්තර් ප්‍රදේශ්හි අමතී ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති ඒකාබද්ධ ව්‍යාපාර සමාගමක්.
රුපියල් කෝටි 5,200 ක කොන්ත්‍රාත්තුවක් යටතේ මෙම සමාගම සන්නද්ධ හමුදාවන්ට රයිෆල් ලක්ෂ හයකට වඩා සැපයිය යුතු බවත් වාර්තා වනවා.
IRRPL ප්‍රධානී මේජර් ජෙනරාල් SK ෂර්මා ඊයේ පැවසුවේ 2030 දෙසැම්බර් වන විට මෙම නව ගිනි අවි බෙදාහැරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි.
“මේ වන විට රයිෆල් 48,000 ක් පමණ ඉන්දිය හමුදා වෙත සපයා තිබෙනවා.