
කාලගුණ විපර්යාසයෙන් කළුතර ධීවරයෙක් අතුරුදන්
දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු වල නොයෙදෙන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සියලුම ධීවර ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම නිවේදනයන්ට අනුව, මෙම මුහුදු ප්‍රදේශ ඉදිරි දින කිහිපය තුළ රළු විය හැකි බවට අනතුරු අඟවා ඇත.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ, වෙරළාසන්නයේ ධීවර කටයුතු වල නිරත වන එක්දින කුඩා යාත්‍රා සහ OFRP යාත්‍රා සඳහා නැවත දැනුම් දෙන තුරු පුත්තලම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වූ ප්‍රදේශවල ධීවර කටයුතු වලින් වැළකී සිටින ලෙසයි.
මෙම දැනුම්දීම් නොතකා, ඊයේ සවස් වරුවේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා කිහිපයක් ගැටලුවලට මුහුණ දී ඇති බව අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය.
හලාවත ප්‍රදේශයේ එක් ධීවර යාත්‍රාවක් අනතුරට පත්වී ඇති නමුත්, එහි සිටි ධීවරයින්ට කිසිදු හානියකින් තොරව ගොඩබිමට පැමිණීමට හැකි වී තිබේ.
කළුතර දිජූලි 15 මුහුදට ගිය බහුදින ධීවර යාත්‍රාවක කාර්මිකයෙකු ජූලි 19 වන දින අලුයම 1.30 ට පමණ මුහුදට වැටී ඇති බවට වාර්තා වේ.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යාත්‍රාව නැවත ගොඩබිම බලා පැමිණෙමින් සිටියදී මෙම සිදුවීම සිදුවී ඇත.
මෙතෙක් ඔහුව සොයා ගැනීමට නොහැකි වී ඇති අතර, ශ්‍රී ලංකා පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.