
සීදූවේදී විශ්‍රාමික හමුදා සෙබලකුට වෙඩි
සීදුව පොලිස් වසමේ 04 වන පටුමග, රාජපක්ෂපුර චම්පා ස්ටෝර්ස් ඉදිරිපිට දී ඊයේ (21) රාත්‍රියේ විශ්‍රාමික හමුදා සෙබළකු වන ග්‍රේෂන් ෆ්රැන්සිස්ද සොයිසා යන අයට යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා තිබෙනවා.
ඔහු 54 වැනි වියේ පසු වූවෙක්.
වෙඩි තැබිම හේතුවෙන් ඔහුගේ හිසට, බඩට හා දකුණු පාදයට තුවාල සිදුවි ඇති බව වාර්තා වුණා.
පොලීසිය පැවසුවේ CCTV ආශ්රයෙන් සැකකරුවන් සොයා ගැනීමට පරීක්ෂා කිරීම් සිදුකරන බවයි.
තුවාලකරු මේ වන විට සීදුව, විජයකුමාරතුංග රෝහල වෙත රැගෙන ගොස් වැඩිදුර ප්‍රථිකාර සදහා රාගම රෝහල වෙත යොමුකර තිබෙනවා.
වෙඩි තැබිමට හේතුව සම්බන්ධයෙන් තොරතුරු කිසිවක් මෙතෙක් අනාවරණ නොවන අතර තුවාලකරුගේ දියණියක වන දිල්කිද සොයිසා යන අය සීදුව කටුනායක නගර සභා මංත්රිවරියක බවට තොරතුරු වාර්තා වනවා.