කැනේඩියානු කාන්තාවක් රු. මිලියන 181 වටිනා හෂිෂ් සමඟ ගුවන් තොටුපළේ දී හසුවේ

කැනේඩියානු කාන්තාවක් රු. මිලියන 181 වටිනා හෂිෂ් සමඟ ගුවන් තොටුපළේ දී හසුවේ

අද (22) අළුයම 2.50ට පමණ, කැනඩාවේ මොන්ට්‍රියල් නගරයේ සිට මෙරට්ට පැමිණි කැනේඩියානු ජාතික කාන්තාවක් රු. මිලියන 181 ක් පමණ වටිනාකමින් යුත් හෂිෂ් ග්‍රෑම් 18,123 ක් සමග රේගු භාරයට ගෙන තිබෙනවා.

දෝහා හරහා කටාර් ගුවන් සමාගම මෙහෙයවන QR 662 ගුවන් යානයෙන් පැමිණි 37 හැවිරිදි මෙම කැනේඩියානු ජාතික කාන්තාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් සිය භාරයට ගෙන ඇත්තේ සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු වලින් අනතුරුව සැකකාරිය සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය නීතිමය කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නියාමන කාර්යාංශයට භාරදීමට නියමිතව තිබුණා.

Share This