පිලියන්දල ශාඛ්‍ය ජනපදය අපචාර තිප්පොලක් ද?

පිලියන්දල ශාඛ්‍ය ජනපදය අපචාර තිප්පොලක් ද?

මහජන මුදල් අපතේ යවමින් ඉදිකිරීම් අතරමග නැවතුණු පිළියන්දල ශාක්‍ය ජනපදය ගැන මීට දින කිහිපයකට පෙර ලයිව් ඇට් ශ්‍රී ලංකා වාර්තා කළා.

එම වාර්තාකරණයෙන් පසු මේ පිළිබඳ අවධානය යොමු කළ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනවි මහතා පැවසුවේ ශාක්‍ය ජනපදය වෙනත් ඵලදායී කටයුත්තකට යෙදවීමට අවධානය යොමු ව ඇති බවයි.

බුදුන් වහන්සේ විසූ ශාක්‍ය ජනපදය මෙරට ප්‍රතිනිර්මාණය කිරීමේ අරමුණින් පිලියන්දල රෙජිඩේල් වතුයායේ ඒ සදහා මුල් ගල් තැබුණේ 2017 වසරේදියි.

ධානපතියෙකු විසින් බෞද්ධාගමික කටයුතු සදහා යෙදවීමේ අරමුණින් මහා භාරකාර දෙපාර්තමේන්තුවට පවරන ලද අක්කර 78ක භූමියේ අක්කර 20ක මෙම ශාක්‍ය ජනපදය ඉදිකිරිමට නියමිතව තිබුනා.

2020 මාර්තු මාසයේ දී අවසන් කිරීමට නියමිතව තිබූ මෙම ව්‍යාපෘතිය අතරමග නවතින්නේ ඒ සදහා යෙදවු රු.කෝටි 50කට ආසන්න ප්‍රතිපාදනත් නාස්ති කරමින්.

අතීත දඹදිව ශාක්‍ය ජනපදයේ ආකෘතියක් අපේ රටේ බොදු ජනයාටත් දැකබලා ගැනීමේ අපේක්ශාවෙන් එදා මහත් උත්වශ්‍රීයෙන් ඉදිකිරීම් ආරම්භ කළ භූමිය අද වල් බිහිවී විවිධ අපචාර කරන පුද්ගලයන්ගේ තිප්පලක් බවට පත්ව ඇති බවට ප්‍රදේශවාසීන් ද චෝදනා කරනවා.

 

 

 

 

Share This